• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත - අගමැති

prime minRW2017සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 



එම සම්පූර්ණ පණිවුය පහත සඳහන් වේ.


" සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මතය. ඉතිහාසය පුරා ඔවුන් ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් කළ නොනවතින අරගලයක, කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අවධානය කම්කරු ජනතාව වෙත යොමු කරමින් ජාත්‍යන්තර මට්ටමින් මැයි දිනය සැමරීම ආරම්භ වී ඇත.


වර්තමානය වන විට වැඩ කරන ජනතාව යන්න වඩාත් පුළුල් අර්ථයක් ගෙන තිබේ. එය තවදුරටත් කම්හලේ ගොවිපළේ ශ්‍රමය වගුරුවන පිරිසට පමණක් සීමා වන්නේ නැත. නූතන තාක්ෂණික ලොව තුළ මානව ශ්‍රමයට පුළුල් අවකාශයක්, අවස්ථා රැසක් බිහි වී ඇත්තාක් මෙන්ම ඒ අනුව වැඩ කරන ජනතාව මුහුණ දෙන අභියෝග සහ ගැටලු ද දිනෙන් දින වෙනස් වෙමින් පවතී.


සාම්ප්‍රදායික මැයි දින සැමරුමට සීමා නොවී මේ නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් වැඩ කරන ජනතාවගේ හිමිකම් දිනා දීමටත්, ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් කම්කරු ජනතාව සහ රාජ්‍ය මෙන්ම පෞදගලික අංශයද එක්ව සාකච්ඡා කිරීම, පුළුල් වැඩපිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍ය වේ.



නවීන තාක්ෂණික ලෝකයේ, කාලීන සමාජ, දේශපාලන අභියෝග මැද කම්කරු ජනතාවට නිසි ගරුත්වය ලැබෙන, දේශයේ අභිවෘද්ධිය උදෙසා ස්වකීය කාර්යභාරය ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන, ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය, සම්මුතිගත මැදිහත්වීමකට මෙවර මැයි දිනය අවස්ථාවක් කරගනිමු. "

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.