• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් 2017 Golden City Gate සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

srilankaශ්‍රී ලංකාවේ ජාතික  ගුවන් සේවය  වන  ශ්‍රීලංකන්  ගුවන් සමාගම,  ජර්මනියේ බර්ලින් හි  ජාත්‍යන්තර වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය ( ITB) මගින්  පැවැත්වූ Golden City Gate සම්මාන උළෙලේ දී “ශ්‍රීලංකන් සමගින් ශ්‍රි ලංකාව වෙත චමත්කාර ගමනක් (“Epic Journey of Sri Lanka on SriLankan Airlines”) යන මැයෙන්  ඉදිරිපත් කරන ලද ගමනාන්ත වීඩියෝව සඳහා රන්  සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා වරම්  ලැබීය. 



රටේ පාරිසරික  සුන්දරත්වය  මෙන්ම  සංස්කෘතිමය වටිනාකම් රැසක් මෙම වීඩියෝව  මගින් දසුනට හසුකරගෙන ඇති අතර ඒ  සඳහා නවීන  තාක්ෂණයෙන් යුත් ගුවන්  විඩියෝ කලාවක් යොදාගෙන ඇත. දිවයින  පිළිබද  නරඹන්නන් සඳහා පරිපූර්ණ අත්දැකීමක් මෙම වීඩියෝව මගින් ලැබේ. සංස්කෘතිමය උත්සවශ්‍රිය තුළින් සියලු ජනයා තුළ පවතින  සහජීවනය විදහා දක්වන අතර ශ්‍රද්ධාවේ  විවිධ  පැතිකඩවල් සහ  පෞඩ ඈත ඉතිහාසයක් ඇති සංස්කෘතික අංගයන් අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳව ද  පෙන්නුම් කරයි. 


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ ‘ ශ්‍රී ලංකාව පිළිබඳව සුවිශේෂී සියල්ල සපිරි දසුන් පිරි අත්දැකීමක් ලබාදීම අපගේ අරමුණ වූ අතර මෙම වීඩියෝව හරහා අත්දැකීම් බහුල සංචාරකයන් සඳහා ද  අප රට පිළිබඳව ආකර්ෂණීය  පැතිකඩක් දැකීමට හැකි වූ බවයි.   මෙම සම්මාන උළෙලේ දී අපගේ උත්සාහයන්  සියල්ල ඇගයීමට ලක්කිරීම පිළිබඳව  අප  ඉතා  සතුටට පත්ව සිටින අතර ශ්‍රී ලංකාව ලෝකය  වෙත  ගෙන යාම  සඳහා  නව සංකල්ප හරහා සුවිශේෂී නිර්මාණයන් සම්පාදය කිරීමට මෙම සම්මානය දිරිගන්වන බවත් ඒ  මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 


මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකාවේ  සුවිශේෂී ස්ථාන රැසක එකතුවක් විදහා දක්වන අතර හරිත වනාන්තරයන් හි අසිරිය, නිල් පාටින් බැබලෙන සුන්දර ඉන්දියානු සාගරය සහ වර්ණවත් හිරු බැස යන අහසේ චමත්කාරය මෙමගින් පෙන්නුම් කෙරේ. අභියෝගාත්මක  ක්‍රීඩා සඳහා කදිම ස්ථාන සපිරි රටක් බවට වායු බැලූන සංචාර සහ මුහුදු මත ලිස්සා යෑම් තුළින් පෙන්නුම් කරමින් අත්දැකීම් බහුල සංචාරකයන්ට නවීන සුවපහසුකම් සපිරි  සුන්දර දිවයිනක් වෙත පියාසර කිරීමේ අත්දැකීම මෙම වීඩියෝව තුළින් දර්ශනය කෙරේ.  


මෙම සමස්ත ගමන පුරාවටම මොණර පිල් මෝස්තරයෙන් ඔසරිය ඇඳගත් ශ්‍රීලංකන් ගුවන් මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ සුන්දරත්වය තුළින් ගුවන්  සමාගමේ ශ්‍රී ලාංකිකත්වය ඉස්මතු කර ඇත. දර්ශනීය දිවයිනේ අලංකාරත්වය  තුළින් මෙම චමත්කාර ලක්දිව වෙත ගෝලීය සංචාරකයන්ට පැමිණීමට ආරාධනා කිරීමක් මෙම වීඩියෝ දසුන් මගින් සිදුකරයි. 


ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුත් සංචාරක ආකර්ෂණීය බව මනාව “ශ්‍රීලංකන් සමගින් ශ්‍රි ලංකාව වෙත චමත්කාර ගමනක් (“Epic Journey of Sri Lanka on SriLankan Airlines”)  වීඩියෝව මගින් පෙන්නුම් කිරීම තුළින් සංචාරකයන් විශාල පිරිසක් මෙරටට ආකර්ෂණය වීමට  ශ්‍රීලංකන්  ගුවන්  සමාගම  සහාය වී ඇත.  මෙම නිර්මාණශීලී වීඩියෝව සම්පාදනය කිරීම  සඳහා  Leo Burnett Solutions ආයතනය  ශ්‍රීලංකන්  ගුවන්  සමාගම වෙත  සහාය  වී  තිබේ. 


සෑම  වසරකම  Golden City Gate සම්මාන උළෙල මගින් ගෝලීය  සංචාරක  ක්ෂේත්‍රය පිළිබඳ විවිධ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන  නිර්මාණශීලී උත්සාහයන් ඇගයීමට ලක්කරනු ලබයි. මෙම කලා නිර්මාණ ජාත්‍යන්තර  විනිසුරු මඬුල්ලක් මගින්  ලකුණු පදනම් කරගනිමින් ඇගයීමට ලක්කරන අතර නිර්මාණශීලීත්වය,නව්‍යකරණය, සැලැසුම් නිර්මාණය,සැකැස්ම, අව්‍යාජත්වය සහ එමගින්  ගමනාන්තය නැරඹීමට සංචාරකයන් උනන්දු කරවන්නේ ද  යන්න සැළකිල්ලට භාජනය වේ.


මේ අනුව රන් සම්මානයෙන් පිදුම් ලැබූ අනෙකුත් ජයග්‍රාහකයන්  වන්නේ ඩුබායි #BeMyGuest with SRK , කැනඩා ගමනාන්තය, සිංගප්පූරුව වෙත ආයුබෝවන් (Welcome to Singapore) මැයෙන් සහ  ටර්කිෂ් එයාර්ලයින්ස් (Turkish Airways) වේ. ශ්‍රීලංකන්  වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාඩම්බර  සාමාජික ගුවන් සේවයකි.  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.