• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක ඇදුම රෝග දිනය අද - නාගරික දරුවන්ට වැඩි වශයෙන් ස්වශන රෝග- ''ඇදුම'' සමාජ කැළලක් නොවේ

He 2017 05 02 1නාගරික ආශ්‍රිතව ජීවත්වන දරුවන් වැඩි වශයෙන් ස්වශන ආසාදනවලට ලක්වීමේ අවධානම වැඩි බව විශේෂඥ වෛද්‍ය ඩී. මැදගෙදර මහතා පවසයි.


අදට (2) යෙදී තිබෙන ලෝක ඇදුම රෝග දිනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය මැදගෙදර මහතා මේ බව පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුව,ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණි.

ඇදුම රෝගය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි.ජනතාව වැඩි වශයෙන් දැනුවත් කර  වැඩි වශයෙන් රෝගීන් සොය ප්‍රතිකාර කර ජනතව සුව කිරීම අරමුණයි.


ලෝක ඇදුම රෝග දිනය මැයි 02 යෙදී තිබෙනවා.''හොඳ වාතාශ්‍රයක් හොඳ හුස්ම ගැනීමක්'' මෙවර තේමාවයි. ඇතුදුම රෝගය සම්බන්ධයෙන් පවතින මිත්‍යාව ඉවත් කරගත යුතුයි. ප්‍රතිකාර කර රෝගය හොඳින් පාලනය කළ හැකියි. ඇදුම රෝගය සමජ කැළලක් ඇතිවන රෝගයක් නොවේ. එහෙත් ඇදුම රෝගය නිත්ඨාවට සුව කළ හැකියි.


ඇදුම රෝගය ස්වාස නාළිකා බිත්තිවල ඉදිමීම නිසා ස්වාශ නාළ සිරවීම නිසා ඇතිවන රෝගයක්.ඇදුම නිදන්ගත රෝගයක්.ලෝකයේ මිලියන 300ක් පමණ රෝගීන් සිටිනවා.ඇදුම රෝගය සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා.ඇදුම රෝගය පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. ජානගත රෝගයක් ලෙසත් පවතිනවා.ඇදුම නිසා මරණය ඇති විය හැකියි.එය සිදු නොවිය යුත්තක්.ඇදුම රෝගය සමාජයට බලපැම් කරනවා. ජනතාව මේ පිළිබඳව දැනුවත් කළ යුතු බවද වෛද්‍ය ඩී. මැදගෙදර මහතා පැවසී ය.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.