• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඊශ‍්‍රායෙල් රාජ්‍යයට සාත්තු සේවිකා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

Forieng Employඊශ‍්‍රායෙල් රාජ්‍යට සාත්තු සේවිකාවන් (Care Givers) යොමුකිරීමේ ව්‍යාපෘතියේ පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 8 දෙනෙකු, ඊයේ  (02) ඊශ‍්‍රායෙල් බලා යාමට අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් ලබා ගත්හ.
ඊශ‍්‍රායෙල් රාජ්‍යයට සාත්තු සේවිකාවන් 50ක් බඳවා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් (Population & immigration authority on behalf of the government of the Israel)  හා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර, 2016.05.25 දින අත්සන් කරන ලදී. මේ යටතේ සාත්තු සේවිකාවන් සඳහා දින 45ක සාත්තු සේවිකා පුහුණුවක් හා ඉංග්‍රීසි පාඨමාලාවක් ලබාදීමට කටයුතු කරන අතර, දින 10ක් ඊශ‍්‍රායල් පුහුණු උපදේශිකාවක් යටතේ පුහුණුවක් හා පරීක්‍ෂණයක් ලබා දෙන ලදී.


ඊශ‍්‍රායෙේ පුහුණු උපදේශිකාවන් බඳවා ගැනීම සඳහා පුවත්පත් මගින් දැන්වීම් පළ කළ අතර, ඒ සඳහා අයදුම්කරුවන් 1465 දෙනෙකු අයදුම්කරන ලදී. මෙම අයදුම්කරුවන් අතරින් සුදුසුකම්ලත් අයදුම්කරුවන් 122 අතරින් පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 8 දෙනෙකු සඳහා එරට සේවය කිරීමට වසර 4ක කොන්ත‍්‍රාත් කාලයක් හිමිවන අතර, වසරින් වසර ගිවිසුම අලූත් කෙරේ. සාත්තු සේවිකාවන් සඳහා අවම වැටුප ශ‍්‍රී ලංකා රුපියල් 163,000 කි හිමිවේ. අද දින දිවයිනෙන් පිටව යන මෙම පිරිසට  කාන්තාවන් 5, පුරුෂයින් 3 අයත් වේ. 


මෙම අවස්ථාවට එක්වූ විදේශ රැකියා අමාත්‍යවරිය සඳහන් කළේ, ඊශ‍්‍රායලයට නික්ම යන අය එහි නීති රීති  නිසි ලෙස අනුගමනය කළ යුතු බවත්, ශ‍්‍රී ලාංකීය නාමය පළුදු නොවන ලෙස කටයුතු කිරීමේ වගකීම සියලු දෙනා සතු වන බවත්ය. එසේම මෙලෙස යොමුකළ අයදුම්පත් 1465 අතරින් සුදුසුකම්ලත් අයදුම්කරුවන් 122 දක්වා අඩුවිමට ප‍්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි දැනුම ප‍්‍රමාණවත් නොවීම වන අතර සියලු ම දෙනාම තම ඉංග්‍රීසි දැනුම වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


මෙම අවස්ථාවට කාර්යාංශ සභාපති ආර්.කේ.ඔබේසේකර, සාමාන්‍යාධිකාරී කේ. ඕ.ඩී.ඩී.ප‍්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) මංගල රන්දෙණිය යන මහත්වරුන්ද එක්වී සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.