• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

‘පරිසරය පූජනීයයි’ වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 2017 05 3ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරෙන, පරිසරය පූජනීයයි, පාරිසරික සත්කාර වැඩසටහන ඊයේ (02) උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරිණි.


මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ අදහසකට අනුව මධ්‍යම පළාත් සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර මහනුවර නගරයේ විශේෂ ස්ථාන පිරිසිදු කිරීම මේ යටතේ සිදු කෙරේ.

ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දෑත් සෝදා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අනතුරුව ඊයේ දින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය පැවැත්වුණු මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා මැති ඇමතිවරු සමග ක්‍රීඩාංගණය ශුද්ධ පවිත‍්‍ර කිරිමේ කටයුතු වලට ද එක් විය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.