• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා මහ බැංකුව පොදු ජනතාව දැනුම්වත් කරයි

Central bankශ්‍රී ලංකා‍ මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ ව  මහජනතාව  දැනුම්වත්   කිරීමේ වැඩසටහනක්  ශ්‍රී ලංකා  මහ බැංකුවේ මාතලේ  ප්‍රාදේශීය  කාර්යාලයේදී මේ මස (05) හා 06 යන දෙදින පෙ.ව. 9.00 සිට ප.ව.8.00 දක්වා  පැවැත්වේ.  



මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ ව පාසල් සිසුන් ඇතුළු පොදු ජනතාව  දැනුම්වත් කිරීමේ  අරමුණින් මෙම  දෙදින  වැඩසටහන සැලසුම්කොට තිබේ. මෙහිදී අර්ථ සාධක අරමුදල සම්බන්ධ සේවාවන්,  කාසි හා නෝට්ටු හුවමාරුව,  මුදල් කෞතුකාගාරය,   කුඩා හා මධ්‍ය පරිමාණ ණය පිළිබඳ  තොරතුරු 
මෙහිදී ලබාගත හැකි වන අතර  පොදු ජනතාව දැනුම්වත් කිරීමේ  සම්මන්ත්‍රණ  හා වැඩ මුළු කීපයක්ද සංවිධානය කොට තිබේ.


මුදල් සුරක්ෂිත ලෙස ආයෝජනය කිරීම,
 ව්‍යාජ මුදල් නෝට්ටු  හදුනා ගැනීම, ණය තොරතුරු කාර්යාංශයේ සේවාවන්, විදේශ විනිමය ගනුදෙනු,   මුල්‍ය සාක්ෂරතාවය, ණය උපදේශනය වැනි කරුණු සම්බන්ධයෙන්  මෙම සම්මන්ත්‍රණවලදී   ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.


මීට අමතර ව ශ්‍රී ලංකා  මහබැංකුවේ අධිපතිගේ ප්‍රධානත්වයෙන්  මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින්ගේ  හා  බැංකු කළමනාකාරුවන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් ද 2017.05.06 වෙනි දින පෙ.ව 8.45 ට  පැවැත්වීමට නියමිතය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.