• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයට වසර 20ක්

Police news2017රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයට වසර 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවයක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ, කොල්ලුපිටිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 


නෙදර්ලන්තයේ හේග් නුවරදී 1997 අප්‍රේල් 29දා මේ සංවිධානය ආරම්භ කර තිබේ. මේ සැමරුම් උත්සවයේ දී රසායනික අවි සම්මුතිය පිළිබඳ ව හා උපද්‍රවකාරී  රසායන ද්‍රව්‍ය පිළිබඳ දේශන පැවැති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, පරන්තන් රසායන සමාගම, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව කොළඹ අවට පාසල්වල සහභාගීත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැත්විණි. 


රසායනික හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී භාවිත කරන පුද්ගල ආරක්ෂක උපකරණ ඇතුළත් කට්ටලයක් බැගින් ත්‍රිවිධ හමුදාවට, පොලිස් විශේෂ කාර්යය බලකායට සහ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට පිරිනැමිණ. 


රසායන අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියෙන් මේ සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්යය රනිල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.