• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ සම්මානයක්

president awordලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානයෙන් ජනාධිපතිතුමා පිදුම් ලබයි.

මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදුකරන සුවිශේෂි මෙහෙවර සහ දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනමා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා ආචාර්ය Poonam Khetrapal singh මහත්මිය ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය නිල වශයෙන් පිළිගැන්වූවාය.මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය ක‍්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කර සියලූ ශී‍්‍ර ලාංකිකයින්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ, සංක‍්‍රමණිකයින්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුළු පියවර රැසක් මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දක්වන සහ කාර්ය භාරයක් ඉටු කරන පුද්ගලයින් වෙනුවෙන් වාර්ෂිකව මෙම සම්මානය පිළිගන්වනු ලබයි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නගා සිටුවීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ලැබුණු නව දිරිගැන්වීමක් බවයි.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූදෙනා සමඟ එක්ව ලබාගත් මෙම විශිෂ්ටත්වයේ ගෞරවය ඔවුන් සියලූදෙනා සමඟ මෙන්ම සමස්ත ශී‍්‍ර ලාංකිකයින් සමඟ බෙදා හදා ගන්නා බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මෙම දිනවලදී කොළඹදී පැවැත්වෙන අතර රටවල් 14 ක සෞඛ්‍ය අමාත්‍යවරු, නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විද්වතුන් ඊට එක්ව සිටිති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.