• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල් ලක්ෂ 823ක වියදමකින් ඉදි කළ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

Thamankaduwaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 823ක වියදමකින් යුතුව ඉදි කරන ලද තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ඇරයුමෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් හෙට (05)  පෙ.ව. 7.45 ට යෙදෙන සුබ මොහොතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.


මෙම අවස්ථාව සඳහා තමන්කඩුව ප්‍රාදේශීය සංවර්ධන කමුටුවේ සම සභාපතිවරුන් වන උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් හා උතුරු මැද පළාත් සභාවේ මැතිඇමතිවරුන් සහභාගි වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.