• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇහැටුවැව ප්‍රදේශීය ජනතා සේවය මේ මස 06 වන දා

Hon Wajira Abeywardhana20170504ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික් “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ඇහැටුවැව ප්‍රදේශීය ජනතා සේවය මේ මස 07 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික්කයේ මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.


ඒ අනුව මේ මස 06 වන සෙනසුරාදා දින පෙ.ව.8.00 ට ඇහැටුවැව ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය ඇහැටුවැව, බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේදී පැවැත්වේ.


ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.


නිල මෙහෙවර ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන් මේ වන විට කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය මට්ට්මින් ක්‍රියාත්මක වෙයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.