• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාවනැල්ල වෙසක් කලාපය මහ ඉහළින් සැමරේ

vesak22017 ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව  පැවැත්වෙන මාවනැල්ල වෙසක් කලාපයය මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට  අවශ්‍ය  කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින  බව මාවනැල්ල  ප්‍රදේශිය ලේකම් ප්‍රියංගනී  පෙතන්ගොඩ මහත්මිය පැවසුවාය. 


රාජ්‍ය  ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතාගේ මග පෙන්වීම යටතේ මාවනැල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය  සහ කොට්ඨාසයේ  සියළුම රාජ්‍ය ආයතන සහ  වෙනත් සංවිධාන එක්ව මෙම වෙසක් කලාපය සංවිධානය කෙරේ. 


මැයි  මස 10 දින සිට 14 දින දක්වා  මාවනැල්ල නගරය කෙන්ද්‍රව වෙසක් කලාපය  පැවැත්වෙන අතර වෙසක් තොරණ, වෙසක්  බැති ගී, පහන්කූඩු ප්‍රදර්ශනය,  ධර්ම දේශනා, භාවනා වැඩ සටහන්, දන්සැල්  ආදී  විවිධ වැඩ සටහන්  වෙසක් කලාපය තුළ පැවැත්වේ. 


භක්ති ගීත තරග දින පහක් පුරාවටම පැවැත්වෙන අතර  දහම් පාසල්, රජයේ පාසල්, විවිධ සමිති, රාජ්‍ය ආයතන, වැඩිහිටි සමිති ආදිය භක්ති ගීත ඉදිරිපත් කරනු ලබයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.