• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ රැකියා ලාභීන්ට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කෙරේ

Hon Thalatha Athukorale 2017 05 4ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා ලාභීන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් ඊයේ (02) ප‍්‍රදානය කරන ලදී. ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී මෙම ටිකට්පත් ප‍්‍රදානය කළ අතර, මෙහිදී රැකියා ලාභීන් 20 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් හිමිවිය. 


මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ශ‍්‍රී ලංකිකයින් 182 දෙනකු ඊශ‍්‍රායෙල් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2016 වර්ෂයේදී ලාංකිකයින් 369 දෙනෙකු ඊශ‍්‍රායෙල් කෘෂිකාර්මික රැකියා සඳහා පිටව ගොස් ඇති අතර 2015 වර්ෂයේ එම ප‍්‍රමාණය 85 කි. ඊශ‍්‍රායෙල් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ විදේශ රැකියා ඒජන්සි ආයතනය විසිනි. 


විදේශ රැකියා අමාත්‍යවරිය පසුගිය වසරේදී ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ සිදුකළ සංචාරය අතුරතුරදී එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කරනු ලැබූ අතර, එහිදී වැඩි වශයෙන් ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් බඳවා ගැනීමට එකඟතාවය පළකොට තිබේ. එසේම ශ‍්‍රී ලාංකික සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහා ද අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එහි පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ. 
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.