• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකන් විශිෂ්ටත ම ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත්වේ

srilankaශ්‍රීලංකන්  ගුවන් සමාගම  ජාත්‍යන්තර  සම්මානලාභි ගුවන් සේවයක්   වශයෙන්  පසුගියදා පැවැත්වූ දෙවැනි වාර්ෂික  තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී ආසියාවේ විශිෂ්ටත ම ජාත්‍යන්තර ගුවන් සේවය  බවට  සම්මානයෙන් පිදුම්  ලැබීය.



තමිල්නාඩු ප්‍රාන්තයේ විශාලත ම සංචාරක සම්මාන උළෙල වන්නේ ද  මෙයයි. 
තමිල්නාඩු සංචාරක  සම්මාන උළෙලේ දී ගුවන් සමාගම මෙවැනි සුවිශේෂී සම්මානයක් ලබාගත් දෙවැනි වසර මෙය වන අතර පසුගිය වසරේ දී ශ්‍රීලංකන් විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවා කාණ්ඩය යටතේ  සම්මානයෙන්  පිදුම් ලැබීය.


පසුගිය  මාස  කිහිපය පුරාවට ශ්‍රීලංකන් සම්මාන රැසකින් පිදුම් ලැබී ය. එනම් ලෝක  සංචාරක සම්මාන උළෙලේ දී  ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලෝකයේ  ප්‍රමුඛත ම ගුවන් සේවය ලෙසත් දෙවැනි වරටත් වාර්ෂික ව පවත්වනු ලැබූ  ආසියාවේ  Future Travel Experience සම්මාන උළෙලේ දී මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටත ම සමස්ත සේවා  ගුවන් සේවය වශයෙන් පිදුම් ලැබීය. එසේම Life Weekly සඟරාව යටතේ චීනයේ  විශිෂ්ටත ම නව්‍යකරණයෙන්  යුත්  ගුවන් සේවාව ( Most Innovative Marketing Airline in China) ලෙස ද චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටත ම ගුවන් සේවය ලෙස සම්මානයෙන්  පිදුම්  ලැබීය. 


ශ්‍රීලංකන්  ඉන්දියාව වෙත  මෙහෙයුම් සිදුකරන විශාලත ම ගුවන් ගමන් ජාලයක් ඇති විදේශ ගුවන් සේවය වශයෙන් නගර 11ක් වෙත ගුවන් ගමන් 100 ට අධික සංඛ්‍යාවක් සිදුකරනු ලබයි. එසේම  මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන්  මෙහෙයුම්  සිදුකරන  එහි  විශාලතම ජාත්‍යන්තර  ගුවන්  සේවය  වන්නේ ද  ශ්‍රීලංකන්  ගුවන්  සේවයයි.  ශ්‍රීලංකන්  මෙහෙයුම් රටවල් 47 ගමනාන්ත 100 දක්වා ව්‍යාප්ත කරමින් වන්වර්ල්ඩ්  ගෝලීය  ගුවන්  සේවා සන්ධානයේ සාමාජික ගුවන්  සේවයක්  ලෙස  එහි  ගුවන්  මගීන්ට ගෝලීය  ගුවන්  ගමන් ජාලයේ  රටවල් 160  ගමනාන්ත 1000 දක්වා ගුවන් පහසුකම්  ලබා දේ.  


තමිල්නාඩු සංචාරක සම්මාන උළෙල (www.tamilnadutourismaward.com) සංචාරක  මාර්ගෝපදේශක නිෂ්පාදක වන Madura Welcome විසින් වාර්ෂික ව සංවිධානය කරනු  ලබන අතර  ඒ  සඳහා ඉන්දියානු රජයේ සංචාරක අමාත්‍යාංශයේ  සහාය හිමිවේ. මෙම  සම්මාන උළෙලේ අනෙකුත් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ගුවන් සේවා වන්නේ විශීෂ්ට  ජාත්‍යන්තර  ගුවන් සේවය වූ තායි එයාර්වේස්, මැදපෙරදිග විශිෂ්ට  ජාත්‍යන්තර  ගුවන් සේවය බවට  පත්වූ පැසිෆික් සහ  ඕමාන්  එයාර් ගුවන් සේවාවන් ය.   


තමිල්නාඩු සංචාරක කර්මාන්තය  ලොව පුරා ප්‍රචලිත  කිරිමේ අරමුණින් තමිල්නාඩු සංචාරක සම්මාන උළෙල  පවත්වනු ලබයි. එසේම  තමිල්නාඩු සංචාරක ක්ෂේත්‍රයේ  ප්‍රධාන  ක්‍රියාකරුවන් ඇගයීමට, උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමට දිරිගැන්වීම, ක්ෂේත්‍රයේ සුවිශේෂී උත්සාහයන් ඇගයීම සහ සංචාරක සහ ආගන්තුක සත්කාරක  ක්ෂේත්‍ර තුළ තරගකාරීත්වය සඳහා උනන්දු කරවීම  තුළින් ක්ෂේත්‍රයේ විවිධ අංශයන් හි  සහයෝගීව සහ කණ්ඩායම් ලෙස  කටයුතු කිරීම සඳහා  දිරිගැන්වීමටත්  වටිනාකම් එකතු කළ ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් වටිනාකම් සංවර්ධනය වෙනුවෙන්  දිරිගැන්වීමටත්  මෙම සම්මාන උළෙල මගින් සිදුකෙරිනි.


මෙම සම්මාන උළෙලේ දී 100ට අධික සම්මාන රැසක් ලබාදෙන ලදී. මේ සඳහා ගුවන් සේවා, ගුවන් තොටුපළ, නිවාඩු නිකේතන, නිකේතන, සේවා නවාතැන්, සංචාර මෙහෙයවන්නන් ,සංචාරක නියෝජිතවරු,සංචාර ප්‍රවර්ධකයන්,ප්‍රවාහන සපයන්නන්, ඔන්ලයින් සංචාරක විකුණුම්කරුවන්, සංචාරක රක්ෂණ ආයතන, සංචාරක ලේඛකයන්වරායන්, ප්‍රදර්ශන මධ්‍යස්ථාන, අවන්හල්, සංචාරක පුහුණු ආයතන, විනෝද උද්‍යාන යනාදිය මෙම සම්මාන සඳහා ඇතුළත් වූ කාණ්ඩයන් ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.