• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ තොරතුරු පනතට ලෝක බැංකුවෙන් පැසසුම්

Hon gayantha news 2017.05.05ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු පනත බලගැන්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසමට ලෝක බැංකුවේ පැසසුම් හිමි වී තිබේ.

 



ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳ ව සහ  තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධ ව ලෝක බැංකු නියෝජිතයින්ගේ පැසසුමට ඇමති ගයන්ත හා එම කොමිෂමේ නිලධාරීන් ලක්වූහ.


දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ Equitable Growth Finance & Institutions (EFI) ආයතනයේ උප සභාපති ජෑන් වෙලිසර් (Jan Walliser) මහතා ඇතුළු නියෝජිත පිරිස  සහ අමාත්‍යවරයා ප්‍රමුඛ තොරතුරු කොමිසමේ සමාජිකයන් අතර සාකච්ඡාවක් ඊයේ (04) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදු කෙරුණි.


එහිදී ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසම හා තොරතුරු පනත පිළිබඳ ව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා ලෝක බැංකුවේ දායකත්වය පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර මෙම පනත ලෝක බැංකු නියෝජත පිරිසගේ පැසසුමට ද ලක්විය.


මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක ජයතිස්ස රණසිංහ සහ අලුතින් ඇති කළ තොරතුරු කොමිෂමෙහි නිලධාරීන් එක්වූහ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.