• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වට්ටාරම ධර්ම ශාලාව සඟසතු කොට පූජා කෙරේ

wattharama opening201705052017 ජාතික වෙසක් උත්සවයට සමගාමීව වට්ටාරම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ ධර්මශාලාව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු වට්ටාරම දායක සභාවේ උවැසි උවසියන්ගේ සහභාගීත්වයෙන් මැයි 5 දින පෙරවරුවේ දී සඟසතු කොට පූජා කිරීම සිදු කෙරිණි. 


අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 380ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදි කළ මෙම ධර්මශාලාවේ සියලු ම  ඉඳිකිරීම් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකිරීම විශේෂත්වයකි.
 
 
එක්වර 1500ක පමණ පිරිසකට අසුන් ගත හැකි මෙම ධර්ම ශාලාව ප්‍රදේශයට මහත් ආලෝකයකි. විශේෂයෙන් ධර්ම ශාලාව සියළුම පහසුකම් වලින් යුක්තව ඉදිකර ඇත. 
 
 
ශ්‍රී ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටීම නිසා පූජනීයත්වයට පත් වට්ටාරම වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ සිද්ධස්ථාන වලින් එකකි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.