• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටඉදි සඳහා නව බදු පැනවීමක් නැහැ

rataidiරටඉදි සඳහා නව බදු පනවා ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා පදනම් විරහිත බව වෙළෙඳ සහ ආයෝජන ප්‍ර‍තිපත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



මේ වන විට රටඉදි සඳහා අය කෙරෙන්නේ කිලෝවක් සඳහා රුපියන් 60ක් වන අතර විශේෂ වෙළෙඳ භාණ් බද්ද පමණක් බවත් ඊට අමතරව කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.


2015 වසර වන විට ආනයකින් රටඉදි කිලෝවක් සඳහා පනවා තිබූ මුළු බදු ප්‍ර‍මාණය රුපියන් 130ක් පමණ විය. එනම් 15% වූ රේගු බද්ද, 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද, 25%ක් වූ සෙස් බද්ද, 11%ක් වූ වැට් බද්ද සහ 2%ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙනි.


2015 වසරේ නොවැම්බර් මස 20 වැනි දින සිදු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළිමට සමගාමීව රටඉදි මත පනව තිබූ සියලු බදු අහෝසි කළ අතර ඒ වෙනුවට රටඉදි කිලෝවක් සඳහා රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවනු ලැබීය. මෙමඟින් පෙර ගෙවූ බදු මුදලට වඩා රුපියල් 70ක් අඩු බදු මුදලක් වේ.


තවද වශේෂ ආගමික අවස්ථාවන් සඳහා විදේශ රාජ්‍යන් මඟින් පරිත්‍යාග කරනු ලබන රටඉදි සඳහා ගෙවිය යුතු බදු මුදල් රජය මඟින් ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍ර‍තිපාදන ආදළ විෂය භාර අමාත්‍යාංශය වෙත වෙන් කර දී ඇත.


2016 නොවැම්බර් මස 21 දින නිකුත් කරන ලද අතිවශේෂ ගැසට් පත්‍ර‍ මඟින් පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩු බද්ද අනුමත කිරීම සඳහා පසුගිය 03 වැනි දා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී දී ජනනා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙය නව බදු පැනවීමක් ලෙස අර්ථ දැක්වුව ද මෙය නව බදු පැනවීමක් නොව 2015 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළ බදු අඩු කිරීම තවදුරටත් දීර්ඝ කිරීමකි. එම ප්‍ර‍කාශ පදනම් කරගනිම්න් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම පනම් විරහිත බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.


එළැඹෙන රාමසාන් උත්සවය සමයේ දී ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබන රටඉදි සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදුකර නොමැති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.