• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“ නිල් ආර්ථිකය” පිළිබඳ ඉන්දීය සාගර කලාපීය දෙවන ජාත්‍යන්තර සමුළුව ඉන්දුනීසියාවේදී

Srilankan fisheries logoඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී හෙට (08 ) ආරම්භ වන  “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ දෙවන අන්තර්ජාතික සමුළුව ලබන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය .
 
 
 

මෙම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම  හෙට (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.


මෙම සමුළුවට රටවල් රැසකම මැති ඇමතිවරුන්, විද්වතුන් , ආර්ථික උපායමාර්ග පිළිබද විශේෂඥයන් ඇතුළු පිරිසක් සහභාගී වේ.


වත්මන් ලෝක ආර්ථිකය හමුවේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සදහා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ කාලෝචිත බව පිළිගත්ලොව වෙරල සම්පත ඇති බොහෝ රටවල් එම ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.


ඒ අනුව “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබද ව ඉන්දුනීසියාවේදී පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.


රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරයේදී සමුළුවට සහභාගී වන ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අමාත්‍යවරුන් ඇතුළු එම රටවල රාජ්‍ය නිලධාරීන් සමග “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබද ව මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය සදහා ලබාගත හැකි දැනුම,තාක්‍ෂණය මෙන්ම සෙසු සහයන් පිළිබද ව සාකච්ජා කිරීමටද නියමිතය.


ලෝක ආර්ථික වර්ධනය සදහා රටවල් රැසක දැඩි අවධානයට ලක්ව ඇති මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කෙරුනේ ධීවර අමාත්‍යංශය මගිනි . රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කල මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටි.     


එම වැඩපිළිවෙළ ඉකුත් 2015 වසරේ මාර්තු මසදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබූ අතර අනතුරුව මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයට ඉදිරිපත් කිරීමටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කටයුතු කළේය.


“නිල් ආර්ථික” වැඩපිළිවෙළට සමගාමි ව ධීවර ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනය උදෙසා මේ වන විට වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ධිවර , සංචාරක හා වාණිජ යන ක්ෂේත්‍ර ඉලක්ක කර බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර අවසන්ය. එලෙසම සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය හා බැදුණු සංචාරක කර්මාන්තය උදෙසාද මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ උපයෝගී කර ගැනීමට සැලසුම් ක්‍රියාත්මකය.


ඊට අමතරව සාගර සම්පතින් උපරිම ආර්ථික ප්‍රථිලාභ රටට හිමිකරදීමට සහ නව රැකියා බිහිකරලීම උදෙසා මෙම “නිල් ආර්ථික” වැඩපිළිවෙලට සමගාමි ව වැඩසටහන් ගණනාවක් මේ වන විටත් සැලසුම් කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.


එමෙන් ම කර්මාන්ත මගින් පිට කරණ භුමියෙහි පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනක් බැවින් එය විමෝචනය සදහා වන යෝජනාවක් මෙම සමුළුවට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇත . එමගින් පෙන්වා දී ඇත්තේ භුමියෙහි පවතින කාබන්ඩයොක්සයිඩ් වායුවෙහි සියයට 25 පමණ සාගරය විසින් විමෝචනය කරණ බවය. එමගින් ගෝලීය උෂ්ණත්වය පාලනයවේ.  මුහුදු ජල මට්ටම ඉහල යාම පාලනය වීමද මෙමගින් සිදුවේ. එසේ නොවුනහොත් මිනිසාට අනාගතයේ ජීවත් වීමට සිදුවනුයේ ඔක්සිජන් අඩංගු බෑග් එල්ලා ගෙනය. එබැවින් භුමියෙහි ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව මුහුදු පතුලේ තැන්පත් කිරීමට අදාළ ව ප්‍රකාශයක් මෙම ඉන්දීය සාගර කලාපිය සමුළුවේ ප්‍රකාශනයට ඇතුලත් කරණ ලෙස අදාළ යෝජනාව මගින් ඉල්ලා ඇත.


මෙම යෝජනාව පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ආරම්භ වන “නිල් ආර්ථික”යට අදාළ ඉන්දීය සාගර කලාපිය සමුළුවේදී සාකච්ජා කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.