• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර වෙසක් උළලේ මහනුවර පැවැත්වෙන සමාප්ති උළෙලට සියල්ල සූදානම්

vesakමෙවර ශ්‍රී ලාකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සමාප්ති වැඩසහන උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු ම කටයුතු සූදානම් කොට තිබේ.


ඒ අනුව මැයි මස 14 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මැයි මස 12 සහ 13 කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ පැවැත්වෙන වැඩසටහනට සහභාගී වන විදේශීය නියෝජිතයන් ඉන් අනතුරුව 14 වැනි දින විශේෂ දුම්රියකින් මහනුවරට පැමිණීමට නියමිතය. එම දූත පිරිස වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සංවිධානය කොට ඇති අතර, දළදා මාලිගාවේ කෞතුකාගාරය ඇතුළු අනිකුත් පූජනීය ස්ථාන වන්දනා කිරීමටද නියමිතය. මහනුවර පැවැත්වෙන සමුළුවෙන් අනතුරුව දළදා මාලිගාව මගින් විශේෂ පෙරහැරක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සමාප්ති උත්සවය වෙනුවෙන් එදින විශේෂ ප්‍රවාහන සැලැස්මක් සංවිධානය කොට ඇති අතර, ලංගම සහ පෞද්ගලික අංශය මගින් අතිරේක බස් සේවාවක්ද යොදවා තිබේ. මහජනතාවගේ පහසුව සඳහා විශේෂ රථවාහන සැලැස්මක්ද සංවිධානය කොට තිබෙන අතර, මහනුවර නගරය පුරා තවත් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වැඩසටහන් රැසක්ද සංවිධානය කොට තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.