• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අක්තපත්‍ර භාරදෙති

he news 2017 05 8ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් අද (08) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.



නේපාලය සහ ඉන්දුනිසියාව සඳහා තානාපතිවරුන් ද, මෝල්ටා රජ්‍යය සහ නවසීලන්තය සඳහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටි.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01. Mr. Stephen Borg    - High Commissioner- designate of the Republic of Malta

02. Ms. Joanna Mary Kempkers - High Commissioner - designate of New Zealand


03. Mr. I. Gusti Ngurah Ardiyasa - Ambassador - designate of the Republic of Indonesia

04. Prof. Bishwambher Pyakuryal - Ambassador - designate of Nepal


ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් සවිමත් කර ගැනීමට අලුතින් පත් වූ මෙම රාජ්‍ය තාන්ත‍්‍රිකයින් කටයුතු කරනු ඇතැයි මෙහිදී විශ්වාසය පළකළ ජනාධිපතිතුමා, ලොව සෑම රටක් සමඟම පවතින මිත‍්‍ර සබඳතා ශක්තිමත් ප‍්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනයට එම සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.