• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියානු රැකියා සඳහා පිටත්වන අයගෙන් අයකිරීමට නියමිතවූ (ලක්ෂ 05)ක මුදල අත්හිටුවයි

korean flag2017.05.05 දින සිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුකති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වූ කොරියානු භාෂා පරීක්ෂණය සමත් දකුණු කොරියානු රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා රු.500,000.00 (ලක්ෂ 05)ක ආරක්ෂිත මුදල  විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි අද දින (2017.05.09) සිට වහාම අත්හිටුවීමට තීරණය කර ඇත.


දකුණු කොරියාව සඳහා නීත්‍යානුකූලව පිටත්වන ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන ඇප බැදුම්කරයට අමතර ව මෙම මුදල අයකිරීමට තීරණය කර තිබූ අතර එම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසත් ඒ පිළිබඳ ව කොරියානු භාෂා විභාගය සමත් අපේක්ෂකයින්ව දැනුම්වත් කරන ලෙසත් අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දී ඇත.


දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 26,000ක් රැකියා වල නිරත වන අතර 2016 වසරේදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් 6629ක් පිටත්ව ගොස් ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.