• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කසළ කළමනාකරණය සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඇති බාධා ඉවත් කරන්න – ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

He news2017 05 9කසළ කළමනාකරණය සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදිය යුතු විමර්ශන වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා අහිතකර පොලිතින් වර්ග තහනම් කිරීම පිළිබඳ නව කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.


ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

සළ කළමනාකරණයේ දී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු සහ ඒ සඳහා ගෙන ඇති විසඳුම් මෙන්ම ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් දිවයිනේ සියලු පළාත් පාලන කොමසාරිස්වරුන් කැඳවා තිබුණි.

මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ඒ ඒ පළාත්වල කසළ කළමනාකරණය සඳහා ගෙන ඇති පියවර සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.

කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතනවල යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

පුත්තලම අරුවක්කලු කසළ බහලුමේ කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා එම යෝජනාවට අදාළ විමර්ශන සිදුකර කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද දන්වා සිටියේය.

ශ්‍රී ලංකාවේ කසළ කඳු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ වන විට සකස් කර තිබෙන අතර ඒ අනුව දිවයින පුරා කසළ බැහැර කරන ස්ථාන 200ක් පමණ පවතින බව අනාවරණය කෙරිණි.

ඉන් 25ක්ම පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ වන අතර එම කසළ කඳු 200 අතරින් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇත්තේ කසළ කඳු 20 කට අදාළ ව පමණක් බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මීතොටමුල්ල, කසළ කන්ද පිළිබඳ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර දැනට එහි වහාම ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයක් නොමැති බවත්, ඉදිරි වැසි සමයට මුහුණදිය හැකි අන්දමින් එය සකස් කර තිබෙන බවත්, තාක්ෂණය මගින් කසළ කන්ද සම්පූර්ණයෙන් පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් අනාවරණය කෙරිණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශනය යාපා, වජිර අබේවර්ධන, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ සියලු පළාත් පාලන කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.