• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල්, මස් මාංශ අලෙවිසැල් වසා තැබේ

no drugs or alcohol corporate2017
2017 මැයි මස 07 දින සිට 13 දින දක්වා වූ කාලසීමාව වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර වෙසක් උත්සවය “ධම්මචාරී සුඛං සේති” (“දැහැමි දිවිය සැපත සදයි”) යන තේමාව යටතේ පැවැත්වේ.
වෙසක් පොහොය යෙදී ඇති මැයි මස 10 සහ 11 දෙදින දිවයින පුරා සියලුම සුරාසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් රජය පියවර ගෙන ඇත.


ඉහත සඳහන් දින දෙකට අමතරව, ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන 2017 මැයි මස 09 වන කෑගල්ල දිස්ත්‍රික්කයේත්, එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන මැයි මස 12 වන දින කොළඹ දිස්ත්‍රික්කයේත්, එම උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වෙන 2017 මැයි මස 14 වන දින මහනුවර දිස්ත්‍රික්කයේත් සියලුම සුරාසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම පලාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.


ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම පලාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද අංක HAF - 1 -02- වෙසක් - 2017 හා 2017.05.04 දිනැති චක්‍රලේඛය මේ සමග අමුණා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.