• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සත් සිතින් ලොව දකින, මෙත් සිතින් දිවි ගෙවන එක්සත් සමාජයක් ගොඩනගන්නට කැපවෙමු

prime minRW2017සත් සිතින් ලොව දකින, මෙත් සිතින් දිවි ගෙවන එක්සත් සමාජයක් ගොඩනගන්නට කැපවෙමු'' යැයි අදට (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 




නිකුත් කළ නිවේදනය මෙසේ ය.


 ගරු අග්‍රාමාත්‍යතුමාගේ වෙසක් පණිවුඩය


ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරමපූජනීය ආගමික දිනය වන වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි සම සමව යෙදෙමින් මහත් බැතිබරව සමරන සුවිශේෂ ආගමික උත්සවයකි.


මෙවර වෙසක් දින සැමරුම ලක්වැසි අපට උදාවන්නේ තවත් සුවිශේෂ වූ වැදගත්කමකින් යුතුවය.


සියවස් ගණනාවක් නිර්මල ථෙරවාදී බුදුදහම රැක ගනිමින්, සෙසු ලෝකයාටද ධර්මය ප්‍රචාරය කිරීමෙහි ප්‍රමුඛව කටයුතු කළ අප රට තුළ, මෙවර එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව පවත්වන්නට හැකි වීම අගනා අවස්ථාවකි.


මෛත්‍රීය පදනම වූ බුද්ධ ධර්මය නුවණින් දැන ප්‍රඥාසම්පන්නව, ප්‍රායෝගිකව ජීවිතයට බද්ධ කරගනිමින් එහි දාර්ශනික හරය, විශ්වීය වැදගත්කම වඩ වඩාත් ලෝකය වෙත ගෙන යන්නට අපි පිළිවෙතින් පෙළ ගැසිය යුතු වෙමු. මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අප හමුවේ තබන ප්‍රබලතම අභියෝගය එයයි.


සත් සිතින් ලොව දකින, මෙත් සිතින් දිවි ගෙවන එක්සත් සමාජයක් ගොඩනගන්නට කැපවෙමු.


සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.