• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී සම්බෝධි වෙසක් පුණ්‍ය මහෝත්සවයේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 5 11කොළඹ ශ්‍රී සම්බෝධි වෙසක් පුණ්‍ය මහෝත්සවයේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (09)වනදා පස්වරුවේ පැවැත්විණි.



කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සනිටුහන් කරමින් එහි සමරු ඵලකය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ සදහා පළමු මල් පූජාව සිදු කරන ලද්දේ ද ජනාධිපතිතුමා විසිනි.


විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


එමෙන්ම එහි පිහිටි දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ජාත්‍යන්තර පුස්තකාලය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.


එහි ඉදිකර තිබූ ශද්ධෝත්තම පාප් වහන්සේගේ කුටිය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.


අනතුරුව ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය සහ ප්‍රදර්ශන කුටි සීයයකින් යුතු ජාතික වීරයන් අනුස්මරණය කෙරෙන මහා ප්‍රදර්ශනය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.


රාමක්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා රූපවාහිනි නාළිකාවේ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම නායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද. අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ ද,  කථානායක කරූ ජයසූරිය මහතා සහ මැති ඇමතිවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.