• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අඩුපහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට මූල්‍යාධාර

templesපොලොන්නරු දිස්ත‍්‍රික්කයේ අඩුපහසුකම් විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 15 බැගින් මූල්‍ය ආධාර ලබාදීම ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.



පොලොන්නරු දිසාපති රංජිත් ආරියරත්න මහතා වෙත ජනාධිපතිතුමා විසින් අදාළ මූල්‍යාධාර පිළිගැන්වූ අතර විහාරස්ථාන සංවර්ධන කටයුතු ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුකිරීමට නියමිතය.


චීන රජයේ ආධාර යටතේ මෙම මූල්‍යාධාර පිරිනමා ඇති අතර චීනයේ ලියුෂු විහාරස්ථානයේ විහාරාධිපති දයුවාන් ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම මෙහිදී සිදුවිය.


මෙම අවස්ථාවට ආචාර්ය වල්මොරුවේ පියරතන ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ චීන මහා සංඝරත්නය ඇතුළු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.