• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට

narendraModiහෙට 12,13,14 යන දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අද (11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වේ.


ඒ අනුව හෙට (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාය.

මැයි මස 13 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීම ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. ඊට රටවල් 85ක නියෝජිතයන්ට ආරාධනය කර ඇත.

සමාප්ති උළෙල මැයි මස 14 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මියගේ ප්‍රධානත්වයෙනි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.