• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රණවිරු නිවාස බෙදාදීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 05 11 1මාතෘ භූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කළ විරෝදාර රණවිරුවන් උදෙසා ,අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 9‍0ක් බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි. 



"සත්විරු සංහි" ද, ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සඳහා රුපියල් හත්ලක්ෂ පනස්දාහස බැගින් රණවිරුවන් 503 දෙනෙකු වෙත මුදල් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.



රණවිරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර 65ක් බෙදාදීම, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදි වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි.



ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතු‍ළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.