• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික REDD + ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්ම ජනපතිට

He news2017 05 11වන විනාශය හා වන හායනය අවම කිරීම තුළින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ එක්සත් ජාතීන්ගේ වැඩසටහන ( UN - REDD+)  ට අනුගත වෙමින් සකස්කරන ලද ජාතික REDD + ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම පසුගිය (09) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි.



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය සම්බන්ධීකාරක ඌනා මැකෝලි මහත්මිය විසින් මෙහිදී ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබූ අතර අනතුරුව ඒ මහත්මිය විසින් අදහස් දැක්වීමක් ද සිදුකළාය.


සොබාදහම හා එකග ජීවන රටාව පිළිබදව මෙහිදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද අදහස් දැක්වීය.


ප්‍රවාහන, කාර්මික හා බලශක්ති ක්ෂේත්‍රවල හරිතාගාර වායු අවම කිරීම සඳහා වනාන්තර ගහණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වන වැඩපිළිවෙළට  යටතේ ශ්‍රී ලංකාව ද එළැඹ සිටියි.


ජාතික REDD + ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්ම වන සංරක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ව නිර්මාණය වූ වැඩසටහනක් වන අතර, එහි අරමුණ වන්නේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන් හි සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ වන විනාශය හා වන හායනය අවම කොට රටේ වනාන්තර වැස්ම වැඩි කිරීම සදහා අවශ්‍ය ප්‍රවේශයක් සැපයීමයි.


මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පරිසර අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතරසිංහ යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.