• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ 14වන වෙසක් දින සැමරුම් උළෙල හෙට කොළඹදී

World Wesak conferace final logo20170511එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව හෙට (12) පෙරවරු 9.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ ශාලාවේදී ආරම්භ වේ. 



" සමාජ සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය හා බුදුදහම" යන තේමාව යටතේ මැයි 14වන දා දක්වා පැවැත්වෙන මෙම උළෙලේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාය.



රටවල් 85කට අයත් බෞද්ධ නියෝජිතයින් දහසකට අධික පිරිසක් හා රාජ්‍ය නායකයින්  ගණනාවක් ද මෙම උළෙලට සහභාගී වෙති.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ හා අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු මෙම සමුළුව අමතන අතර විශේෂ දේශනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා විසින් පවත්වනු ඇත. 


ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හා විදේශීය සංඝරාජ නාහිමිවරුන් සහ අන්‍යාගමික නායකයෝද මෙම අවස්ථාවට සහභාගි වෙති.


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 14 වෙනි වෙසක් දින උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් නිකුත් කර ඇති සමරු මුද්දරය අවලංගු කිරීම ද මෙම උළෙලේදී සිදු කෙරේ. 


මෙම උළෙල හා සමුළුව වාර්තා කිරීම සඳහා විදේශිය රූපවාහිනී, ගුවන් විදුලි හා පුවත්පත් වාර්තාකරුවන් විශාල පිරිසක් ද දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.