• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල ඇරඹේ

World Wesak conferace final logo 2017බුදුන්වහන්සේගේ තෙමඟුල සිහිකෙරේන අති උතුම් දිනය වන වෙසක් පුර පසළොස්වක දිනය ජාත්‍යන්තර ලෙසින්  ශ්‍රී ලංකාවේදී සැමරීමට ලැබීම අප ලද මහත් වූ භාග්‍යය කි.



ඒ අනුව අද (12)  එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ, ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පෙ.ව. 9.00ට ආරම්භ වේ.


 'සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්' යන්න තේමාව කරගනිමින් මෙවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ආරම්භ වේ.


ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයකට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්බන්ධ වේ.



ලෝකයේ බෞද්ධ රටවල් ඇතුළුව රටවල් 80 ක රාජ්‍ය නායකයන් හා විශේෂ නියෝජිතයන් 1,000 ක් පමණ ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගි වන අතර ඊට අමතරව නියෝජිතයන් 250දෙනෙකු පමණ නරඹන්නන් වශයෙන් සහභාගීවීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.