• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක් වී එකම ගමනක් යා යුතුයි - ඉන්දීය අගමැති නරේන්ද්‍ර‍ මෝදි

narendra modiකලාපයේ විශාලත ම හා බලවත් ම රට වන ඉන්දියාවේ සහය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ දියුණුවට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක් වී එකම ගමනක් යායුතුව ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍  මෝදි මහතා ප්‍ර‍කාශ කළේය.



ඒ මහතා මේ බව පැවසුවේ  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍ර‍ ශාලාවේදී අද (12) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සහ ලෝක බොදු සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍ර‍ධාන දේශනය පවත්වමිනි. 


ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති, ප්‍රවාහන, කර්මාන්ත, අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල සිදුකිරීමට යන ආයෝජන මගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක මුදලක් ලබාදීමට ද බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.


මේ හැර ලබන අගෝස්තු මාසයේ සිට ඉන්දීය ගුවන් සේවය මගින් කොළඹ සහ බරණැස  අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට කටයුතු යොදාගෙන යන බවද ඉන්දීය අගමැතිවරයා තවදුරටත් කීය. 


ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා තම දියණිය සහ පුත්‍ර‍යා මගින් බුදුදහම ලබාදීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ මෝදි මහතා  පසුකාලයේදී අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ බුදුදහම පැතිරවීමට කටයුතු කිරීම එහි දෙවන අදියර වශයෙන් සැලකිය හැකි බවද කීය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.