• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමඟාමී ව පැවැත්වුණු සංස්කෘතික ප්‍රසංගයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ජනපති සහ නේපාල ජනපතිනිය එක් වෙයි

He news 2017 5 15 1ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වුණු සංස්කෘතික ප්‍රසංගයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ජනපති සහ නේපාල ජනපතිනිය එක් වෙයි.
මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් සැමරෙන එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් පසුගිය (13) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්දාරි මැතිණිය එක් විය.



එක්සත් ජාතින්ගේ වෙසක් දින සැමරුම් උළලේ සමාප්ති උත්සවයට සහභාගීවීම සඳහා නේපාල ජනාධිපතිනිය දිවයිනට පැමිණි අතර, මෙහිදී ජනාධිපතිතුමා විසින් නේපාල ජනාධිපතිනිය ඉතා සුහදව පිළිගනු ලැබීය.


ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද සංස්කෘතික ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.


මේ අතර නේපාල ජනාධිපතිනිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනැමූ භෝජන සංග්‍රහයක් ඊයේ (14) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී සංවිධානය කර තිබුණි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය මේ අවස්ථාවට එක්විය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.