• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ රෝහල් සඳහා රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියක් හඳුන්වා දෙයි

health news2017515රජයේ රෝහල් සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය මත පදනම් වු රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියක්  (Hospital Health Information Management System)  හදුන්වා දීමට පියවර ගැණේ.



රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා  හැකි වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.


 මේ අනුව රෝහලේ  බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ  සෞඛ්‍යමය තොරතුරු නියම කරන ලද  ‍ඖෂධ වට්ටෝරු  ‍සෞඛ්‍ය වාර්තා තොරතුරු ජීවදත්ත  ඇතුලු වැදගත් සියලු තොරතුරු  මෙම පද්ධතියට ඇතුලත් කරනු ලබයි. මෙහිදී රෝගියා වෙත නියම  කෙරෙන ඖෂධ වට්ටෝරුද  මෙම පද්ධතිය ඔස්සේම ඖෂධ නිකුත් කරන ස්ථානය(Pharmacy) වෙත ලබා දීමද සිදු කරනු ලබයි.


තවද ඖෂධ එන්නත් කිරීම, රුධිර සාම්පල ලබා ගැනීම රසායනාගාර පරීක්‍ෂණ මෙන්ම බෝවන රෝගයක් හදුනා ගැනීම වැනි කටයුතු රෝගියා සම්බන්ධයෙන් සිදු කිරීමට තිබේ නම් මෙම පද්ධතිය හරහා අදාළ අංශ වෙත යොමු කිරීම ද සිදුවේ.   



රෝගියාගේ තොරතුරු  රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට (HHIMS) ඇතුලත් කෙරුණු පසු  රෝගියාට ඒ සඳහා විශේෂ කාඩ් පතක් නිකුත් කිරීමද සිදු කරනු ලබයි.



නැවත රෝගියා ප්‍රතිකාර සදහා රෝහල වෙත පැමිණි විටදී රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටද මෙමගින් පහසුකම් රැසක් අත්වේ. විශේෂයෙන් ම වෛද්‍යවරයාට රෝගීන්ගේ දත්ත ඉතාමත් කෙටි කාලයක් තුළ අධ්‍යනය කර ඉතා නිවැරදි රෝග විනිශ්චයකට එළඹීමට හැකිවීම මෙමගින් ලැබෙන ප්‍රධාන වාසියකි. 



තවද මෙමගින් කඩදාසි භාවිතා කිරීමද අවම කිරීමට හැකිවන අතර හරිත පරිසරයක් සඳහා ද මග සැලසෙනු ඇත.


ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන විසින් ක්‍රියාත්මක  ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Programme) යටතේ මෙය ක්‍රියාත්මක අතර නිල වශයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවීම     සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් රෝහලේදී සිදු කෙරිණි.



ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්ථයක් කර ගැනීමට යන ගමනේදී  විශේෂයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයටද එම ප්‍රතිලාබ ලබා දීමට මෙම වැඩසටහන යටතේ හැකිවී තිබෙන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාවය හා ගුණාත්මක භාවයත් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ රෝගීන්ගේ ආරක්‍ෂාවත් තහවුරු කිරීමට හැකිවන බවත් රෝගීයාගේ දත්ත වාර්ථා වඩා පහසුවෙන් නිරීක්‍ෂණය කර රෝගියාට ප්‍රතිකාර කිරීමේ පසුබිමක් රෝගී සත්කාරක සේවයේ යෙදෙන වෘත්තිකයින්ට ලැබෙන බවත්  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පවසයි.



ලබන 2019 වසර අවසාන වන විට තවත් රජයේ රෝහල් තුන්සියයකට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව මෙම වැඩසටහන නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක් වු නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රීයානන්ද රත්නායක මහතා පැවසීය.


 මෙම වැඩසටහන තවදුරටත්  සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  වෙත ටැබ් යන්ත්‍ර කිහිපයක්  ප්‍රදානය කිරීම නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති)  අරුනේෂ් පීටර් මහතා අතින් මෙහිදී සිදුවිය.


ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රි පී දයාරත්න අම්පාර දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂ  වෛද්‍ය ලංකා ජයසිංහ යන මහත්ම මහත්මීන්ද  මෙම අවස්ථාවට එක්වුහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.