• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නේපාල ජනපතිනිය කැලණිය වැඳපුදා ගනී

Nepol He anuradapuraලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපති බිද්‍යා දේවි බණ්ඩාරී මහත්මිය අද පෙරවරුවේ (15) ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වූ කැලණිය රජමහාරය වැඳපුදා ගත්තාය.

 



මෙහිදී කැලණිය රජමහාවිහාරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව කැලණි රජමහාවිහාරස්ථානාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් නේපාල ජනාධිපතිවරියට විස්තරක් ද ඉදිරිපත් කරන ලදහ.


අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.