• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු මර්දන කාර්ය සාධන බළකායට ජනපතිගෙන් හදිසි කැඳවීමක්

HEහදිසියේ ම ඩෙංගු රෝගය සීග‍්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳව සාකච්ඡුා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා.




ඒ අනුව අද (16) දිනයේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.



2017 වසරේ මේ දක්වා (මැයි 15) මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,623 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිදුවූ මරණ සංඛ්‍යාව 115ක්.


2014 වසරේදී ඩෙංගු රෝගීන් 47,246 ක් ද ඩෙංගු මරණ 97 ක් ද ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර එම තත්ත්වය 2015 වසරේදී රෝගීන් 29,777 ක් සහ ඩෙංගු මරණ 60 දක්වා අඩු කර ගැනීමට සෞඛ්‍ය සහ රෝග නිවාරණ අංශ සමත් වුණා.



නැවතත් 2016 වසරේදී ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරමින් රෝගීන් 55,150 දක්වාත් මරණ සංඛ්‍යාව 90 දක්වාත් වර්ධනය වී තිබූණි.



එසේම රෝගීන් සහ මදුරු කීටයන් පිළිබඳ ආවේක්ෂණ දත්තවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්ක අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස මේ වන විට හඳුනාගෙන තිබෙනවා.


මෙම බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.