• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මන්නාරම දිස්ති‍්‍රක්කයේ ගැටලු සොයා බැලීමට ජනපති උපදෙසින් විශේෂ කමිටුවක්

mannar districමන්නාරම දිස්ති‍්‍රක්කයේ යුද්ධයෙන් අවතැන්වූවන් සහ එම ප‍්‍රදේශයේ පදිංචිකර ඇති අවතැන්වූවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.



මුස්ලිම් නියෝජිත පිරිසක් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


මෙම ප‍්‍රදේශයේ ජනතාව යම් ගැටලුවලට මුහුණ දී ඇත්නම් ඒවා විසඳා ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.



මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර එහි වාර්තාව මාසයක් ඇතුළත ලබාදිය යුතු බවද සඳහන් කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.