• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු මර්දනය සඳහා තම සමාජ වගකීම ඉටුකිරීමට එක්වන්න - ජනපතිගෙන් ඉල්ලීමක්

He news 2017 05 17 1ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි 01 වනදා සිට



අලුතින් චක‍්‍ර ලේඛ කිහිපයක් ද නිකුත් කෙරේ



මේ වනවිට සීඝ‍්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය සඳහා තම සමාජ වගකීම ඉටුකිරිමට එක්වන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් මෙන්ම දේශපාලනඥයන්ගෙන් ද ඉල්ලා සිටි.


ඩෙංගු මර්දනය සඳහා දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති වැඩසටහන්වලට අවශ්‍ය පහසුකම් සපුරා දෙමින් සිය සකී‍්‍රය දායකත්වය ඒ වෙනුවෙන් ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා සියලු දේශපාලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.


එමෙන්ම ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජූනි 01 වනදා සිට කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ජූනි 01 වනදා සිට මාස 03 ක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ද උපදෙස් දුන්නේය.



ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඩෙංගු කාර්ය සාධන බළකාය සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.



ඩෙංගු රෝගය සීග‍්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවා තිබුණි.



ඩෙංගු මර්දනයට අදාළව දැනට ගෙන යන වැඩසටහන්වලදී මතුව ඇති ගැටලු පිළිබඳ ලිඛිත වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.


ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශයේ ආයතනික වශයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ චක‍්‍ර ලේඛ කිහිපයක් ඉදිරියේදී නිකුත් කරන අතර ඒ පිළිබඳ පෞද්ගලික අංශය ද දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.



මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන ස්ථානවල ජලය එක් රැස්වී තිබීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.



එමෙන්ම සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල සෑම සතියකම තෝරාගත් දිනකදී පැයක කාලයක් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.



ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය බැක්ටිරියාව නිපදවීමේ කටයුතු ශී‍්‍ර ලංකාවේ අදාළ සමාගම් හරහා නැවත කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.



මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරව ජනමාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.



පරිසර පොලීසිය දැනට වඩා කාර්යක්ෂම හා ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා යෙදවීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඩෙංගු මර්දනය සඳහා ති‍්‍රවිධ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දීර්ඝ කාලයක සිට ඒකාබද්ධව කි‍්‍රයාත්මක කරනු ලබන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමටද උපදෙස් දුන්නේය.



ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල මතුව තිබෙන තදබදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රාගම හා කළුබෝවිල රෝහල් සඳහා තාවකාලික ගොඩනැගිලි ලබාදෙමින් එම රෝගින්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නා බවයි.



දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවලදී සහ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවලදී ද ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා ප‍්‍රමුඛත්වය දෙමින් දිස්ති‍්‍රක් සහ ප‍්‍රාදේශීය වශයෙන් එම කටයුතු කි‍්‍රයාත්මක කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා හදිසි තත්ත්වයක් සේ සලකා මෙම වැඩසටහන සඳහා සියලුදෙනා ඒකරාශී වීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.


එමෙන්ම ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් පිළිබඳ ඉල්ලීම් කළ විට ඒ සඳහා අවශ්‍ය පියවර මුදල් අමාත්‍යාංශය හරහා කි‍්‍රයාත්මක කළ හැකි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.



අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාෆා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් ද ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද, ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.