• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම සැකසීම කෑගල්ලෙන් ඇරඹේ

kegalle news2017 5 17 11කෑගල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම  සැකසීමේ වැඩසටහන ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි. 



ආපදා කළමණාකරණයේ සියලු ම අවස්ථාවන් ආවරණය වන පරිදි  සහ ඊට සන්ධි වන සියලු පාර්ශවයන්ගේ කාර්ය භාරය ආවරණය වන පරිදි මෙම සැලැස්ම සකසා ඇත. මෙම ප්‍රාදේශීය  සැලැස්ම තුළ  ආපදා තත්ත්වයකදි ක්‍රියාත්මක වන සියලු ම පාර්ශවකරුවන්ගේ දුරකතන අංක හා විකල්ප සංනිවේදන ක්‍රම ඇතුලත් වන අතර එම පාර්ශවකරුවන්  සම්බන්ධ කර ගත හැකි  කාල පරිච්ජේද සඳහන් වේ.  මෙමගින් ඕනෑම අවස්ථාවක  ආගන්තුක නිලධාරියකුට පවා මෙම සැලැස්ම තුළින් තම කාර්යය භාරය ඉතා කාර්යක්ෂමව හා ඵලදායිව ඉටු කිරිමේ  අවස්ථාව උදා වනු ඇත. 


මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වන්ද්‍රසිරි බණ්ඩාර මහතා, කැගල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් , ත්‍රිවිඩ හමුදාවල ප්‍රධානීන් ඇතුළු ව රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.