• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමාලෝචනය කිරීමේ සාකච්ජාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

 
He president19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනුලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ජාවක් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 



රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ජාවේදී එම කොමිෂන් සභාවලට අදාළ නව යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත් කෙරිණි.



එමෙන්ම කොමිෂන් සභාවල කටයුතු කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලූ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර මෙම සියලු කොමිෂන් සභාවල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ප‍්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.



විගණන පනත ඇතුළු පනත් සම්මත කර ගැනීම, කාර්ය මණ්ඩල සපුරා ගැනීම ඇතුළු අඩු පාඩු කඩිනමින් සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ගැටලූ පිළිබඳ අදාළ අංශ සමග ඉදිරියේදී සාකච්ජා කරන බව ද සඳහන් කළේය.




ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.