• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

matara news 2017 5 17යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය (16) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.



ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක, වැඩසටහනේ සම්බන්ධීකාරක වින්ස්ටන් පතිරාජ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසුම් කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා සහ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අතිරේක ලේකම් රාජ නීතිඥ යුරේෂා ප්‍රනාන්දු මහත්මිය මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදි.


මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.