• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යෝජිත ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයට අවශ්‍ය ඉඩම පවරා ගැනේ

nceශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ එකතුවීමටත් මෙරට තුළ නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් බිහිකිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.



එහි එක් පියවරක් ලෙස ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පැවති ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව යෝජිත ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය කුලියාපිටියේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කුලියාපිටිය නාරංගල්ල පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරියට අයත් අක්කර 15 ක භූමි භාගයක් පවරා ගැනීමේ කටයුතු පසුගියදා (16) විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.


2017 වසරේ ජූනි මස වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය 2019 දෙසැම්බර් මස අවසන් කිරීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොරියානු ජනරජයේ KOICA ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ඉදි කෙරෙන අතර මේ සඳහා වන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 1911 කි.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.