• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

US SL Navy Staff Talks held2017 5 18 1ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් (high - ranking officers of the US 7th Fleet) සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව (second edition of Staff Talks) පසුගිය දින දෙක තුල (මැයි 16/17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැති බව නාවික හමුදා නිල වෙබ්අඩවිය පවසයි.



මෙම මාණ්ඩලික සාකච්ඡා තුළදී ද්විපාර්ශවික සහයෝගීතාවය, පුහුණු කටයුතු සඳහා සහභාග වීම් දෙරටේ නාවික හමුදාවන් අතර පවතින සම්බන්ධතාවයන් වර්ධනය කරගැනීම සඳහා වන කරුණු පිළිබඳව වැඩිදුර සාකච්ඡා කොට ඇත.



මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා‍ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරින් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාග වූ අතර ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ කපිතාන් බ්‍රයන් ඇන්ඩ්‍රසන් මහතා (Captain Brian Anderson) ප්‍රමුඛ නිලධාරී මඩුල්ලක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාග වූ බව එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.