• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජල බිල්පත් ගෙවීම දැන් තැපැල් කාර්යාලයෙන්

National Water Supply and Drainage Boardශ්‍රී ලංකා තැපෑල හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එක්ව තැපැල් කාර්යාල මගින් ජල බිල්පත් ගෙවිමේ නව සේවාවක් හඳුන්වා දෙයි. 



ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (18) තැපැල්පති රෝහන අබේරත්න සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් යන මහත්වරුන්  සිදු කෙරිණි. 



එහි දී අදහස් දක්වමින් තැපැල්පති රෝහන අබේරත්න මහතා කියා සිටියේ රට පුරා විහිදුණු ශාඛා ජාලයක්  ශ්‍රී ලංකා තැපෑල සතුවන බවත් ඒ හරහා මහජනතාවට වඩාත් පහසුවෙන්  සුහද සේවාවක්  ලබාදීම තම අපේක්ෂාව බවයි. තැපැල් , තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතාගේ නොමඳ අනුග්‍රහය මීට හිමි වූ බවත් තවත් නව සේවාවන් රැසක් එතුමාගේ උපදෙස් පරිදි ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු කියා සිටියේය.


දැනටමත්  තැපෑලට  ආවේණික සේවාවන්ට අමතරව   බැංකු, විදුලි බිල්පත්, රක්ෂණ සේවා, ජංගම දුරකතන ඇතුළු වෙනත් සේවාවන් රැසක්  ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන අතර ම නවතම සේවාවක් ලෙස  හඳුන්වාදුන්  e-pay සේවාව මගින්  මෙය  ක්‍රියාත්මක කරන බවත් තැපැල්පතිවරයා පැවසීය.


 
මෙම අවස්ථා සඳහා  ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ උප සභාපති එම්.එස්. රාජාබ්දීන්, සාමාන්‍යධිකාරී දීප්ති සුමනසේකර යන මහත්වරුන් හා නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.