• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගම්පහ, මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ අභිනව වීදුරුමය සෑ රදුන් ජනපති අතින් විවෘත කෙරේ

He news 2017 5 19ගම්පහ, මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් වීදුරුමය සෑරදුන් වහන්සේ විවෘත කිරීම සහ සෑමථවේ මංගල ශිලාව පිහිටුවීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.



විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.


අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව සෑ රදුන් විවෘත කළ අතර එහි තැන්පත් කර ඇති සධාතුක කරඩුවට පුෂ්පෝපහාර ද දැක්වීය.


සෑ රදුන් නිර්මාණය කිරීම සදහා දායකවූවන්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.



ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද උන්වහන්සේ වෙත සිහිවටන තිළිණයක් පූජා කළේය.



මහා සංඝරත්නය ද, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් ද, විහාරස්ථ දායක සභාවේ සභාපති අජිත් බස්නායක මහතා ඇතුළු දායක සභාව සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව මෙම පුණ්ණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.