• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

He news 2017 05 211ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (21) පස්වරුවේ විවෘත කෙරිණි.



වේරහැර ප‍්‍රදේශයේ අක්කර 15 ක භූමි භාගයක් පුරා ඉදිකර ඇති මෙම රෝහල විශේෂිත ශල්‍යාගාර 05 කින් ඇඳන් 814 කින් අධිතාක්ෂණික උපකරණවලින් සමන්විතව අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් ලෙස ඉදිකර තිබේ.


රෝහල විවෘත කළ ජනාධිපතිතුමා එහි ශල්‍යාගාර නිරික්ෂණය කළ අතර ළමා වාට්ටුවේ සහ විශේෂ අමුත්තන්ගේ වාට්ටු සංකීර්ණයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ පොදු මහජනතාවගේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට දායක වීම සියලුදෙනාගේ වගකීමක් බවයි.


රජයේ රෝහල්වල අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලවල හිඟයක් මේ වන විට මතුව තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා වාර්ෂිකව විදේශගතවන පිරිස් ඉහළ යාම එයට ප‍්‍රමුඛ හේතුවක් වී ඇති බව ද පෙන්වා දුන්නේය.


එම පිරිස් නීතියෙන් රදවා ගැනීමට හැකියාවක් නැතත් ජනතාවට නිදහස් සෞඛ්‍යයේ සහ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිලාභ දිනා දීමට කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ.රණසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති අද්මිරාල් දයා සඳගිරි, උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ, විධායක අධ්‍යක්ෂ ජයන්ත බලවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.