• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්ලාස්ටික් ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක්

gayantha karunathilakeශ්‍රී ලංකාව තුළ පොලිතීන්, ප්ලාස්ටික් හා ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගතවන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන පරිසරයට එකතුවීම තුළින් සිදු වන අහිතකර පාරිසරික බලපෑම් පාලනය කිරීමේ අවශ්‍යතාව මෙන්ම ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත කර්මාන්තවල සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවයේ නියුක්තව සිටීම ආදී යන කරුණු ද සැලකිල්ලට ගැනීම මෙහිදී සිදු වේ. 

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය වර්තමාන ජන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන අතර, එම නිෂ්පාදන අනිසි ලෙස භාවිත කිරීම, බැහැර කිරීම සහ පිළිස්සීම නිසා සමාජීය, පාරිසරික, සෞඛ්‍යමය හා ආර්ථික ගැටලු රැසක් පැන නැඟී තිබේ. ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය දිනකට කිලෝග්‍රෑම් 0.5ක් පමණ වන අතර, වසරකට ටොන් ලක්ෂ පහක පමණ පොලිතීන් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ. ලොව ඇතැම් රටවල් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සමහර රටවල් තෝරාගත් ප්ලාස්ටික් ද්‍රව්‍ය පමණක් භාවිතයට ඉඩ දී ඇත. 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.