• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 සමුළුව අද ආරම්භ වෙයි

Health Minster participates at 70th WHAලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සමුළුට අද (22) ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී ආරම්භ වීමට නියමිතය.

 




මෙම සමුළුව අද සිට ලබන 31 දක්වා පැවැත්වේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවේ දී නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කිරීමට නියමිතය. වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ දිගු සේවා කාලය පුර්ණවීම ඊට හේතුවයි. අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා පකිස්ථානය, ඉතියෝපියාව සහ එක්සත් රාජධානියෙන් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිති.


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රි ලංකාවට නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි වන අතර එම සැසිවාරයේ දී  අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.


ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශණය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට සහභාගි වෙයි. "සියලු කාන්තාවන්, සියලු දරුවන්” යන තේමාව යටතේ මෙන්ම ගර්භණී සමයේ දී දියවැඩියාවට මුහුණ දෙන කාන්තාවන් පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට කිහිපයක් ද ඇතුලත් වෙයි.


සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය නියෝජනය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.