• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් හා මහ ආණ්ඩුව අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක්

Pm news 2017 05 22සියලු දෙනා එකට එක්ව වැඩ කිරීමට තීරණය කර තිබෙන අතර පළාත් සභාවේ හා මහ ආණ්ඩුවේ නිලධාරී මට්ටමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 


යාපනය දිස්ත්‍රික් මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් පසුගියදා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.


අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.


"උතුරු පළාත් සභා මහ ඇමැතිතුමාත් අමාත්‍යවරුනුත් පළාත් සභා මන්ත්‍රීවරුනුත් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුනුත් අපගේ අමාත්‍යවරුනුත් මමත් හමුවී අද සාකච්ඡා පැවැත්වුවා.


උතුරු පළාත යනු යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයක් යුද සමයේ අපගේ අනෙක් දිස්ත්‍රික්කවල ආර්ථික කටයුතු සිදු කෙරුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා යුද සමයේ දකුණේ කර්මාන්ත ශාලා 200 ආරම්භ කළා. යුද සමයේ ගාලු නගරය දියුණුවට පත් වුණා. නමුත් යුද්ධය නිසා උතුරේ ආර්ථිකය අවුරුදු 25 තිස්සේ සම්පූර්ණයෙන්ම කඩාවැටුණා.


වර්තමානයේදී ආර්ථිකය අතින් අඩුම ප්‍රගතියක් පෙන්වන්නේ උතුරු පළාතයි. අනෙක් හැම පළාතක්ම දියුණුවට පත්වී තිබුණා. දියුණුවට පත්වීමට නම් ආර්ථික වර්ධන වේගය සියයට 06 වඩා වැඩි විය යුතුයි. සියයට හයකට වඩා වැඩි ආර්ථික වේගයක් ලබාගැනීමට නම් උතුරු පළාත සංවර්ධනය කළ යුතුයි. උතුරු පළාතේ ආර්ථිකය නැංවීමෙන් දකුණේ හා සබරගමුවේ ආර්ථිකයටද වාසිදායක අයුරින් බලපානවා. උතුරේ ආර්ථිකය කඩාවැටුණහොත් එය දකුණේ ආර්ථිකයට අහිතකර අයුරින් බලපානවා.


අපගේ ආර්ථික වේගය වැඩිකිරීමට නම් කඩාවැටී ඇති ආර්ථිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඒවා දියුණු කළ යුතුයි. ඒ වැඩකටයුත්ත මහ ආණ්ඩුවට පමණක් තනිව කරන්නට හැකියාවක් නැහැ. මහ ආණ්ඩුව පළාත් සභා හා ආයෝජකයින් එක්ව එය කළ යුතුයි. ආයෝජන ලබාගැනීම සඳහා අප විශේෂ අවධානය යොමු කර තිබෙනවා.


කර්මාන්ත කරණයට හා යටිතල පහසුකම් දියුණු කිරීමට, නිවාස ඉදිකිරීමට, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීමට සාකච්ඡා කොට තිබෙනවා. එමෙන්ම අප එකට එක්ව වැඩ කිරීමට තීරණය කළා. පළාත් සභාවේ හා මහ ආණ්ඩුවේ නිලධාරී මට්ටමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කරනවා. එමෙන්ම පළාත් සභා ඇමැතිවරුනුත් යාපනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් අපේ අමාත්‍යවරුනුත් සිටින කමිටුවක් පත් කරනවා. මෙහි දියුණුව ඉදිරියට ගෙනයාම එම කාරණයන් හි අරමුණයි. යුද්ධය අවසන්වී දේශපාලන වශයෙන් ප්‍රගතියක් අත්කරගෙන සංවර්ධනයට ගමන් කළ යුතුයි.



දේශපාලන මෙන්ම ඉඩම් ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය යුතුයි. දේශපාලන ප්‍රශ්නවලට අවධානය යොමු කොට විසඳුම් ලබාදෙන අතරතුර හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට අප ආර්ථිකය ගොඩනැංවිය යුතුයි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.