• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජනරජ දින සැමරීම

kandy news 2017 5 22සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එංගලන්ත මහ රැජින විසින් පත් කළ ආණ්ඩුකාරවරයෙක් යටතේ 72 ට පෙර මෙරට පාලනය වූ බවත් මේ පාලන ක්‍රමය ලංකාවට නුසුසු බව එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජයේ නීති විශාරදයින් පෙන්වා දිමෙන් පසු අපටම ස්වාධින වූ විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ අධිකරණයක් සහිත ජනරජ ව්‍යවස්ථාව සම්මත කළ බවත් වර්තමාන පරම්පරාවට දැන ගැනිම සඳහා මේ දිනය සමරන බව මහනුවර මහ දිසාපති එච්.එම්. පී. හිටිසේකර මහතා පැවසීය.



දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති 45 වන ජනරජ දින සැම්රුම් අවස්ථාවට සහභාගි වූ අවස්ථාවේ දීය.


විධායක ජනාධිපති වරයෙක් යටතේ පාලනය වන එංගලන්ත ප්‍රීකවුන්සලයෙන් ස්වාධින වූ අධිකරණ පද්ධතියක් සහිත ජනරජය ව්‍යවස්ථා සම්මත විය. ඒ අනුව මේ රටේ ජතනාවගේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය වඩ වඩා ඉදිරියට ගෙන යාමට හැකි වූ බව දිසාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.



මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ගඟවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටින අනෙකුත් නිලධාරින් සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.