• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතලේ වකුගඩු රෝගීන් 1799ක්

kidney2017.5මාතලේ  දිස්ත්‍රික්කයෙන් මේ වන විට වකුගඩු රෝගීන්  1799 ක් නිශ්චිතවම හදුනාගෙන  ඇති බව  මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.එම්. විජේකෝන් මහතා  පවසයි.




මාතලේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින්  අධ්‍යක්ෂවරයා මෙම  තොරතුරු හෙළිකළේය.  


මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්  වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර මෙම සංඛ්‍යාව 1292ක් පමණ වේ.  ලග්ගල පල්ලේගම 187ක්, ගලේවෙල 130ක්,  නාඋල 117ක් වශයෙන් අනිකුත් කොට්ඨාසවලින් ද රෝගීන් වාර්තා  වේ.



 මාතලේ දිස්ත්‍රික්කය  සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රෝගීන් හඳුනා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්  අධ්‍යක්ෂවරයා පැවැසීය.  
  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.